Latestක්‍රීඩා

ඔලිම්පික් ඉතිහාසයේ පළමු රන් පදක්කම පකිස්ථානයට දිනා දුන් අර්ශාඩ් නදීම්

ඔලිම්පික් ඉතිහාසයේ පාකිස්තානයට පළමු මලල ක්‍රීඩා රන් පදක්කම හිමිකර දීමට හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක අර්ශාඩ් නදීම් අද සමත් වුණි.

ඒ, පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී ගියවර ඔලිම්පික් ශූරයා වූ ඉන්දියාවේ නීරාජ් චොප්රා අබිබවා ගොස් එම ඉසව්වේ රන් පදක්කම හිමි කරගනිමින්.

ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී මෙන්ම මෙවරත් පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී වැඩි අවධානයක් යොමු වූයේ පසමිතුරු රටවල් දෙකක් වන ඉන්දියාවේ සහ පාකිස්තානයේ ක්‍රීඩකයින් දෙදෙනා වෙතය.

පාකිස්තානයේ අර්ශාඩ් නදීම් සිය දෙවන උත්සාහයේදීම මීටර 92යි දශම 9යි 7ක දුරක් වාර්තා කරමින් එම ඉසව්වේ වසර 16ක් පැරණි ඔලිම්පික් වාර්තාව බිඳ දැමීය.

එම දක්ෂතාව නදීම්ට හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ප්‍රමාණවත් වුණි.

ඒ අනුව අර්ශාඩ් නදීම් හිමිකරගත් රන් පදක්කම වාර්තා අතරට එක්වූයේ පාකිස්තානය මලල ක්‍රීඩා ඉසව්වකින් හිමිකරගත් පළමු රන් පදක්කම ලෙසය.

ගියවර ඔලිම්පික් ශූරයා වූ නීරාජ් චොප්‍ රා මීටර 89යි දශම 4යි 5ක දක්ෂතාවක් දක්වමින් රිදී පදක්කම හිමිකර ගත්තේය.

ලෝකඩ පදක්කම හිමිකර ගත්තේ ග්‍රෙනේඩා රාජ්‍යයේ ඇන්ඩර්සන් පීටර්ස් ය.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *