Latestදේශීය

නාමල්ට 8යි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී රාජ්‍ය අමාත්‍ය ධුර දරන 8 දෙනෙකු නාමල් රාජපක්ෂ සමඟ කටයුතු කිරීම නිසා එම අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස් වීමට සිදු වී ඇති බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.

මේ සම්බන්ධයෙන් අද (09) ලංකාදීප පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස තොරතුරු හෙළි කර තිබිණි. ඉල්ලා අස්වීමට සූදානම් වන රාජ්‍ය අමාත්‍යවරු පිළිබඳ විස්තර ද එහි දක්වා තිබේ. ඩී. වී. චානක, තේනුක විදානගමගේ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, අශෝක ප්‍රියන්ත, මොහාන් ද සිල්වා, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර, සිරිපාල ගම්ලත්, යන අය වෙති.

නාමල් රාජපක්ෂ සමඟ ඉදිරි ජනාධිපතිවරණය සඳහා කටයුතු කිරීමට කිසිදු ප්‍රබල ඇමතිවරයෙකු හෝ රාජ්‍ය අමාත්‍යවරයෙකු ඉතිරි නොවන බව මේ අනුව පැහැදිලි වී තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *