Latestදේශීය

හරීන් වෙනුවට හිරුණිකා

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසිවීමෙන් අනතුරුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පාර්ලිමේන්තුවට යැවීමට සූදානම් බව වාර්තා වෙනවා.

අමාත්‍යවරුන් වන මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණයත් සමඟ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ හරීන් ප්‍රනාන්දු මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයද අහෝසිවී යනු ඇත.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පාර්ලිමේන්තුවට යැවීමට සමගි ජනබලවේගය පක්ෂයට මීළඟට සිටින සුදුසුම පුද්ගලයා බැවින් එම තීරණය ගනු ඇති බවයි වාර්තා වන්නේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *