පාසැල් සිසුවෙක් ගෙල වැළලාගෙන මියගොස් ඇත
පාසල් සිසුවෙක් සිය නිවස අසල පිහිටි දර මඩුවක ගෙල වැළලාගෙන ඊයේ (08) දින මියගොස් ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.
මෙසේ ගෙල වැළලාගෙන මියගොස් ඇත්තේ නොර්වුඩ් පොලිස් වසමට අයත් ඩන්කන් වතුයායේ පදිංචිව සිටි මුරුගානන්දන් අභිෂෙක් (15) හැවිරිදි පාසල් සිසුවෙකි.
මියගිය සිසුවා හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් ඩන්කන් වත්තේ දමිල මහා විද්‍යාලයේ 09 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි බවත්, එම සිසුවා දින කිහිපයක් පාසල් නොයැම නිසා ඔහුගේ දෙමව්පියන් විසින් (08) දින පාසල් යන ලෙසට බල කර ඇත.
පාසල් නොගිය දරුවා සම්බන්ධයෙන් දෙමව්පියන් සොයා බලන අවස්තාවේ දරුවා දර මඩුවේ ගෙල වැළලාගෙන මියගොස් ඇති බව දෙමව්පියන් විසින් නොර්වුඩ් පොලිසිය වෙත පැමිණිලි කර ඇත.
මියගිය සිසුවාගේ සිරුර සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය වැඩිදුර විමර්ෂණ පවත්වයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

