මහනුවර ප්‍රථම කුඹල් පෙරහැර අද
මහනුවර ඇසළ පෙරහරේ ප්‍රථම කුඹල් පෙරහර අද (10) වීදි සංචාරය කිරීමට නියමිතය.
ශ්‍රී දළදා මාලිගාව අබියසින් දකුණු දිශාභිමුඛව පස්වරු 6.06ට පිටත් වන පෙරහර ශ්‍රී දළදා වීදීය, ඩී.එස්. සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය, යටිනුවර වීදිය ඔස්සේ ගමන් කර රජ වීදියෙන් ඉහළට විත් ගෙවදීමට නියමිතය.
මෙවර මහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 5500ක පමණ පිරිසක් යොදවා ඇත.
මහනුවර ඇසළ පෙරහරේ ප්‍රථම කුඹල් පෙරහර කුඩා දරුවන්ට පෙන්වීමෙන් ඔවුන්ගේ අපල උපද්‍රව දුරුවන බවට අතීතයේ සිට පැවත එන මතයක් පවතී. මේ නිසා සෙසු කුඹල් පෙරහරවලට වඩා අතිවිශාල ජනතාවක් පෙරහර නැරඹීම සඳහා පැමිණෙති.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

