ඔය වැඩේ නවත්වන්න ආනන්ද
මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඇප තැන්පත් කර සිටින හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුලරත්න රනිල් වික්‍රමසිංහගේ ප්‍රවර්ධන කටයුතු සිදු කිරීම නවතා දමන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ආනන්ද කුලරත්න මේ වනවිට ද ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටිමින් රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් විවිධ ප්‍රචාරක කටයුතු කරමින් සිටින බව හෙළි වී තිබේ. ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබියදී රනිල් වික්‍රමසිංහගේ ප්‍රවර්ධන කටයුතු සිදු කරන අතර ඉදිරියේ දී ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් වෙත ලබා දෙන ගුවන් විදුලි හා රූපවාහිනි කාලය භාවිතා කිරීමට නියමිත ය.
මෙය මහජන සංඛ්‍යාත සහ රාජ්‍ය සම්පත් අවභාවිතයක් බවත් එය වැළැක්වීමට කටයුතු කරන ලෙසත් නීතිඥ දසුන් නාගසේන මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කරමින් ඉල්ලා තිබේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

