බස් අනතුරෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ගල්කඩේ හන්දිය ආසන්නයේදී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, බස් රථය මාර්ගයේ දකුණු පසින් ඉවතට පැන මාර්ග අසල සිටි පුද්ගලයින් දෙදෙනෙකු යටකරමින් වෙළෙඳසැලකට කඩා වැදී ඇති බවය.
ඊයේ (12) දහවල් එම අනතුර සිදුව ඇති අතර, අනතුරින් තුවාල ලැබූ බස් රථයේ ගමන්කළ කාන්තාවක් රෝහල්ගත කර තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි එම්. ඒ. ශාන්ත රංජිත් නැමැති 53 හැවිරිදි පුද්ගලයෙකු හා බෙරලපනාතර ප්‍රදේශයේ පදිංචිව සිටි එස්. කේ. සුමනසිරි නැමැති 60 හැවිරිදි පුද්ගලයෙකි.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය රියදුරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනවරණය වී ඇත්තේ, බස් රථයේ එකවරම මාර්ගයේ දකුණ පසට කැපුණු බවත් එම අවස්ථාවේදී තිරිංග වෙනුවට ඇක්සලේටරය පෑගුණ බවත්ය.
සැකකාර රියදුරුවරයා පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය අතර සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
