අර්බුධ අතර හිරවුණු පක්ෂ හය
ලියාපදිංචි කර තිබෙන දේශපාලන පක්ෂ 6ක ලේකම් ධුර සම්බන්ධ අර්බුද මතුවීම නිසා ජනාධිපතිවරණයේ දී පිළිගත නොහැකි මට්ටමකට පත් වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත් කර තිබේ.
මේ වනවිට රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අතරේ දේශපාලන පක්ෂ සහ මන්ත්‍රීවරු වැඩි කර ගැනීමේ තරඟය තීව්ර වෙමින් තිබේ. එම තීව්ර තරඟය හමුවේ අර්බුද පවතින පක්ෂවලට ජනාධිපතිවරණයේ දී පිලක් තෝරා ගැනීමට නොහැකි වී ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජනතා පොදු ජන පක්ෂය, එක්සත් ජනතා මහ සභා පක්ෂය, ලංකා ජනතා පක්ෂය, ඊලවර් ප්රජාතන්ත්රවාදී පෙරමුණ සහ ශ්‍රී ලංකා ප්රගතිශීලි පෙරමුණ එම පක්ෂ 6 වේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

