අපි ආවත් 150ට තෙල් දෙන්න බැහැ – හර්ෂ ද සිල්වා
සමගි ජන බලවේග පාලනයක් යටතේ පෙට‍්‍රල් ලිටරයක් රුපියල් 150ට ගෙන එන බවට ඇතැමුන් පැවසුවක් එය සිදු කළ නොහැකි බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.
පෙට‍්‍රල් 150ට දෙන බව තමන් නොපවසන බවත් එය කළ නොහැක්කක් බවත් හෙතෙම පැවසීය.
රුපියල් 150ට පෙට‍්‍රල් ලබා දෙන බව පවසා ඡන්ද ලබාගත හැකි නමුත් එම මුදලට පෙට්‍රල් දින කීයක් ලබාදිය හැකිදැයි ඔහු ප්‍රශ්න කළේය.
සමගි ජන බලවේගය විසින් පවත්වන ලද ජන හමුවක් අමතමින් ඔහු මේ බව පැවසුවේය.
අද පැය 24ම විදුලිය ඇති බවත්, ඉන්ධන ගෑස් පෝලිම් නැති බවත් එය කුහක නොවී පිළිගත යුතු බවද ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

