Latestදේශීය

විෂ වායුවක් නිසා දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වෙයි

මාලබේ කහන්තොට පාර ජයන්ති මාවතේ නිවසක් තුළ විෂ වායුවක් ආඝ්‍රාණ වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 65ක සහ 45ක පුද්ගලයන් දෙදෙනෙකි.

ඔවුන් දෙදෙනා යම්කිසි රසායන ද්‍රව්‍ය කිහිපයක් මිශ්‍ර කිරීමට යාමේදී මෙම විෂ වායුව ආඝ්‍රාණ වී ඇති අතර එහිදී ඇතිවූ හුස්ම ගැනීමේ අපහසුතාවය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.

පොලීසිය සඳහන් කළේ එම පුද්ගලයන් දෙදෙනා එහිදී මියගොස් තිබූ බවය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *