Latestදේශීය

මාව තියාගන්න සජිත් චතුරට ජාතික ලැයිස්තු මන්ත්‍රීකම දෙන්න පොරොන්දු වුණා – රාජිත සේනාරත්න

සජිත් ප්‍රේමදාස වෙත මන්ත්‍රීවරු සහ පක්ෂ නායකයින් දිනා ගැනීමේ ‌දී ලබා දෙන පොරොන්දු පිළිබඳ විස්තර එකිනෙක හෙළිවීමට පටන් ගෙන තිබේ.

විශේෂයෙන් ම, රාජිත සේනාරත්න ප්‍රකාශ කර තිබෙන්නේ විපක්ෂ නායක කාර්යාලයේ දී පැය දෙකක් පමණ සජිත් ප්‍රේමදාස තමා සමඟ පෞද්ගලිකව සාකච්චා කළ බව ය. එහිදී චතුර සේනාරත්නට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ මුල් තිදෙනා අතරින් කෙනෙකු ලෙස පත් කර ගන්නා බවට පොරොන්දුවක් දුන් බව සඳහන් කර ඇත.

ඊට අමතරව, ඊයේ (14) සජිත් ප්‍රේමදාස සමඟ එක් වූ තිලකරත්න දිල්ශාන්ට රාජිත සේනාරත්නගේ ආසන සංවිධායක ධුරය ලබා දීමට පොරොන්දු වී ඇති බව වාර්තා වී තිබේ. එවැනි පොරොන්දු රැසක් පිළිබඳව තව දුරටත් හෙළි වෙමින් පවතී.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *