Uncategorized

අනුර දිසානායක මැල්කම් කාදිනල් රංජිත් හිමි හමුවෙයි

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අද (17) දහවල් බොරැල්ල අගරදගුරු නිල නිවසේදී අගරදගුරු මැල්කම් රංජිත් හිමියන් හමුවිය.

මේ වනවිට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමියන්, කොළඹ සහයක රදගුරු මැක්ස්වෙල් සිල්වා පියතුමාන්, කොළඹ සහයක රදගුරු ඩී.ජේ ඇන්තනි පියතුමන් සහ සිරිල් ගාමිණී පියතුමන් යන කතෝලික ආගමික නායකයින් සමග සාකච්ඡා කළ අනුර කුමාර දිසානායක, එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් උන්වහන්සේගේ ආශීර්වාද ලබා ගත්තේය.

මේ අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත්ද එක් වී සිටියහ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *