අපේක්ෂකයින් 6 දෙනෙකුට වෙන්වන සජීවී විවාදය සංවිධානය කරන පැෆරල් සංවිධානය
මෙවර ජනාධිපතිවරණයට තරග වදින ප්‍රධාන අපේක්ෂකයන් හය දෙනෙකුගේ සහභාගිත්වයෙන් සජීවී විවාදයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව පැෆරල් සංවිධානය පවසයි.
එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරන්නේ එළැඹෙන සැප්තැම්බර් මස හත්වැනි දා මෙය පැවැත්වීමට සංවිධානය කර ඇති බවයි.
රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර, අරියනේත්‍රන් යන අපේක්ෂකයන්ට මෙම විවාදය සදහා ආරාධනා සිදුකර තිබේ.
සියලුම විද්‍යුත් නාලිකා ඔස්සේ හා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද මෙය සජීවීව විකාශය කිරීමට සැලසුම් කර ඇතැයිද හෙතෙම කියා සිටියේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

