Latestදේශීය

මාතර කඹුරුගමුව රෝහලට හදිසි ප්‍රතිකාර ඒකකයක්

මාතර, කඹුරුගමුව නව දිස්ත්‍රික් මහ රෝහල තුළ සැප්තැම්බර් පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි ප්‍රතිකාර ඒකකයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා මෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මාතර දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උපාලි කරුණාරත්න මහතාහට උපදෙස් ලබා දුන්නේය.

සෞඛ්‍ය ලේකම්වරයා මෙසේ උපදෙස් ලබා දුන්නේ ඊයේ (18) මාතර, කඹුරුගමුව, ලැබීම ප්‍රදේශයේ ස්ථාපිත මාතර නව දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
මෙම හදිසි ප්‍රතිකාර ඒකකය ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය වෛද්‍ය, හෙද ඇතුළු අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල මාතර මහ රෝහලෙන් සේවයට යෙදවීමට පියවර ගන්නා මෙන්ද ලේකම්වරයා රෝහල් අධ්‍යක්ෂ වෙත උපදෙස් ලබා දුන්නේය.
මාතර, කඹුරුගමුව නව දිස්ත්‍රික් මහ රෝහල තුළ හදිසි ප්‍රතිකාර ඒකකයක් නොමැති හෙයින් රෝගීන් හට සිදුවන අපහසුතවයන් මගහරවා ගුණාත්මක, කාර්යක්ෂම ප්‍රතිකාර සේවාවක් ප්‍රදේශයේ ජනතාවට ලබා දීම අරමුණ කර ගනිමින් මෙම නව හදිසි ප්‍රතිකාර ඒකකය ස්ථාපිත කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මෙහිදී සදහන් කළේය.
මාතර, කඹුරුගමුව නව දිස්ත්‍රික් මහ රෝහල, මාතර මහ රෝහලට අනුබද්ධව ක්‍රියාත්ම වන අතර එය කොරියානු රජයේ ආධාර මත ඉදිකරන ලදී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *