Latestදේශීය

දිනේෂ්ගේ බිය

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී පාර්ලිමේන්තුවට තේරී පත් වූ දිනේෂ් ගුණවර්ධන සහ ඔහුගේ පුත් යදාමනි ගුණවර්ධන දැඩි දේශපාලන අනාත භාවයකට පත් වී සිටින බව තොරතුරු හෙළි වෙමින් පවතී.

එම දෙදෙනා ම මේ වනවිට රනිල් වික්‍රමසිංහ පිලට එක් වී සිටී. එහෙත් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ දී තරඟ කිරීම සඳහා දේශපාලන පක්ෂයක් නොමැතිව සිටින පිරිස අතරට එම දෙදෙනා ද ඇද වැටී ඇතැයි වාර්තා වේ.

නිමල් ලන්සා, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු පිරිස ගොඩ නගන නව සන්ධානයෙන් ඉදිරි දේශපාලනය කර ගෙන යාමට මේ දෙදෙනාට තිබූ බලාපොරොත්තුව ද බිඳ වැටී ඇතැයි තව දුරටත් වාර්තා වේ. පොහොට්ටු පක්ෂයෙන් රනිල් පිලට එක් වූ මන්ත්‍රීවරු වෙනුවෙන් ගොඩ නගන නව සන්ධානය සම්බන්ධයෙන් කිසිදු දායකත්වයක් ලබා නොදීම නිසා මේ දෙදෙනා එක් කර ගැනීමට එම මන්ත්‍රීවරු බහුතරය අකමැත්ත ප්‍රකාශ කර ඇති බවත් එම වාර්තාවල සඳහන් වේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *