Latestදේශීය

රනිල් වහා ජනාධිපතිධූරයෙන් ඉවත් විය යුතුයි – ජයම්පති වික්‍රමරත්න

මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනතාවගේ ඡන්ද බලයට අදාළ මූලික අයිතිවාසිකම් කඩකර ඇතයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති නිසා ඔහු වහාම ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයෙකු වන, ජනාධිපති නීතීඥ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරයි.

එසේ ඉවත් වී පාර්ලිමේන්තුවට ඉදිරි කාලය සඳහා ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමට අවස්ථාව දිය යුතු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ජනතාවගේ ඡන්ද බලය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යන මූලික අයිතිවාසිකම් යටතට ගැනෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථා ගණනාවකදී ම අවධාරණය කර ඇති බව ද පෙන්වා දුන් හෙතෙම මෙවැනි තීන්දුවක් ලබා දී තිබියදී තවදුරටත් ධුරයේ රැඳී සිටීම බරපතල කරුණක් බව ද පෙන්වා දෙයි.

පළාත් පාලන මැතිවරණය නියමිත දිනට නොපැවැත්වීමෙන් ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයා ලෙස ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (22) තීන්දු කළේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *