Latestදේශීය

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

ජාතික ජන බලවේගය විසින් තම ඉදිරි පාලනය කාලයේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන වැඩපිළිවෙල ඇතුළත් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (26) පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් හිදී එළිදක්වන ලදී.

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු සොලිසිටර් ජෙනරාල් අල්ලස් හා දුෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, හැටන් නැෂනල් බැංකුවේ හිටපු සභාපති, රියෙන්සි අර්සකුලරත්න, . විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ, ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, කලාකීර්ති ආචාර්ය රවිබන්දු විද්‍යාපති, රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු පීඨාධිපති මහාචාර්ය උපාලි පන්නිලගේ, ත්‍රිවිධ හමුදා සාමුහිකයේ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර, හිටපු නාවික හමුදාපති සිරිමෙවන් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හරිනි අමරසූරිය, විශ්‍රාමික පොලිස් සාමුහිකයේ ප්‍රධානී විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, හිටපු විගණකාධිපති චන්ද්‍රසිරි මායාදුන්නේ, කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය එම් ජී කුලරත්න, DSI සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති නන්දදාස රාජපක්ෂ, සමාගම් අධ්‍යක්ෂ අශ්වින් නානායක්කාර, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ උපකුලපති මහාචාර්ය රාහුල අතලගේ, ජපාන ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සම්බදතා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය එන්. එස්. කුරේ, එමරල්ඩ් ජාත්‍යන්තර ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ඒ. එෆ්.එම් ඉක්රම්, පොලිස් කොමිසමේ හිටපු සභාපති ,කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා අධ්‍යන අංශයේ සම්මානිත මහාචාර්ය සිරි හෙට්ටිගේ, ශ්‍රී ලංකා විවෘත්ත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය ජනහා සෙල්වරාසා, ප්‍රවීන සාහිත්‍යවේදී ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ, කැලණිය විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ ආචාර්ය අනුර කරුණාතිලක, හිටපු අමාත්‍යාංශ ලේකම් සහ සීමා නිර්ණය අභියාචනා කමිටු සභාපති අශෝක පීරිස්, ජාතික අපනයන මණ්ඩලයේ සභාපති ජයන්ත කරුණාතිලක, ජාතික අධ්‍යයන ආයතන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රමිලා ඉලේපෙරුම, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ඕ.ජී දයාරත්න, විශේෂඥ වෛද්‍ය අශෝක ජයසිංහ, මහාචාර්ය සෝමරත්න බාලසුරිය, අන්තර් සමාගම් සේවක සංගමයේ නියෝජ්‍ය ව්‍යාපාර පරිපාලනවේදී කනිෂ්ක නිරෝෂන්, පුරාවිද්‍යා විද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශ්‍රාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ මහාචාර්ය සුනේත්‍රා තෙන්නකෝන්, ජාතික ජන බලවේගයේ ව්‍යාපාර සංසදයේ සාමාජික චන්න ගුණවර්ධන, ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධදාස විතානආරච්චි, දේශීය ආදායම් පොදු සේවක ප්‍රධාන ලේකම් නියෝජ්‍ය ආදායම් කොමසාරිස් අජිත් පුෂ්පකුමාර, නීතිඥ සුපුන් විජේරත්න, ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක, මනෝචිකිත්සක, කථිකාචාර්ය තීක්ෂනා දේවින්දි, ප්‍රවීණ රංගන ශිල්පිණී චාන්දනී සෙනවිරත්න, මහාචාර්ය ගාමිණී පියදාස, ලංකා බැංකුවේ හිටපු සාමාන්‍යාධිකාරී පී.ඒ ජයසිංහ, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සාමාන්‍යාධිකාරී එච්. එම් හෙන්නායක බණ්ඩාර, PickMe , Digital Mobility Solutions Lanka Pvt Ltd ආයතනයේ ආරම්භක සහ ප්‍රධාන විධායක නිලධාරී ජිෆ්රි සුල්ෆර්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ පීඨයේ මහාචාර්ය ගීතා තරංගනී, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සම සවුක්ය පීඨයේ මහාචාර්ය ජයන්ත විජයබණ්ඩාර ඇතුළු විශාල පිරිසක් ඊට එක් වී සිටියහ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *