ඇල්පිටිය ප්‍රාදේශිය සභාවට නාම යෝජනා කැදවයි
මේ වසරේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා නාමයෝජනා භාර ගැනීමේ නිවේදනය එහි තේරීම් භාර නිලධාරියා විසින් ප්‍රසිද්ධියට පත් කර තිබේ. ඒ අනුව ඡන්ද විමසීම සඳහා ඇප මුදල් තැන්පත් භාරගැනීම ඊයේ (26) සිට සැප්තැම්බර් 11 වන දින මධ්‍යහ්න 12 දක්වා සිදු කෙරේ. එළැඹෙන 2024 අගෝස්තු 31 හා 2024 සැප්තැම්බර් 1, 7 හා 8 යන සෙනසුරාදා හා ඉරිදා දිනවල දී හැර අනෙකුත් දිනවල ඇප තැන්පත් කළ හැකිය.
නාමයෝජනා භාරගැනීම 2024 සැප්තැම්බර් 9 සිට සැප්තැම්බර් 12 දින මධ්‍යහ්න 12 දක්වා ගාල්ල දිස්ත්‍රික් ලේකම් දිසාපති කාර්යාලයේ දී සිදු කෙරේ. 2024 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා නාමයෝජනා භාරගැනීම සම්බන්ධයෙන් කොමසාරිස් ජනරාල්, සමන් ශ්‍රී රත්නායක මහතා විසින් මේ නිවේදනය කර තිබේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

