Latestදේශීය

හකීම්ට වාරණ නියෝගයක්

සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුට තේරීපත් වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී එස්. අලි සහිර් මවුලානාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විනිසුරු සඳුන් විතාන ඊයේ (28) ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ මහලේකම් නිසාම් කාරියප්පර් වෙත ලබන 11 වනදා තෙක් බලපැවැතෙන පරිදි වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අලි සහිර් මවුලානා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුවය.

පැමිණිලිකරු කියා සිටින්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී කුමන අපේක්ෂකයාට සහාය දක්වන්නේද ? යන්න තීන්දු කිරීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය අගෝස්තු මස 04 වනදා රැස්වූ බවය.

එම උත්තරීතර මණ්ඩල රැස්වීමට තමන් සහභාගි නොවූ බවත් එහිදී පක්ෂය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට තීරණය කර තිබුණද එම තීරණය තමන්ට දැනුම්දී නොතිබූ බය.

එසේ තිබියදී තමන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට කටයුතු කළේ යැයි චෝදනා කරමින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව විනය ක්‍රියාමාර්ගයකින් තොරව තම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කටයුතු කරමින් සිටින බවද ඔහු ප්‍රකාශ කර ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *