ප්‍රචණ්ඩ ක්‍රියා සීග්‍රයෙන් වර්ධනය වන බලුකිස්ථානය
දකුණු දිග පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ ප්‍රචණ්ඩ ක්‍රියා ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා එම ප්‍රාන්තයේ ක්වේටා – කරච්චි අධිවේගී මාර්ගයේ ස්ථාන දෙකකදී සිවිල් වැසියන් 40 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අමතරව පොලිස් ස්ථාන රැසකට අත්බෝම්බ හා වෙඩි ප්‍රහාරමාලාවක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් මේ ප්‍රහාරය සිදු කර ඇතැයි ප්‍රාන්ත පොලීසිය ප්‍රකාශ කර ඇති අතර, අධිවේගී මාර්ගයේදී සිවිල් වැසියන් ඝාතනය කිරීමේ වගකීම බාරගත් බලුකිස්තාන විමුක්ති හමුදාව පොලීසිවලට එල්ල වූ ප්‍රහාරවලට ද සම්බන්ධ බවට බලුකිස්තාන පොලිස් ප්‍රධානින් සැක පහළ කර ඇතැයි වාර්තා වේ. එම ප්‍රහාරමාලාව අතරතුරදීම පසුගිය ඉරිදා බලුකිස්තාන විමුක්ති හමුදාව එම ප්‍රාන්තයේ හමුදා මුරපොළවල් කිහිපයක් ඉලක්ක කරමින් දැවැන්ත ප්‍රහාරයක් සිදු කර ඇතැයි ද, ඉන් හමුදා සෙබළුන් 62 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

