නීති විරෝධී දුම්වැටි සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
තීරුබදු නොගෙවා ඩුබායි සිට නීතිවිරෝධීව මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් සමග සැකකරුවෙක් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත. අද (01) අලුයම පොලිස් මත්ද්‍රව්‍ය නාශඒඑකාර්යාංශයේ කටුනායක ගුවන්තොටුපොළේ ඒකකය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු පානදුර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක් බව සඳහන්.
මෙම සැකකරු සතුව තිබී නීතිවිරෝධී දුම්වැටි 20000ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව පවසන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය කටුනායක ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් පවසන්නේ මේ පිලිබද වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

