Latestදේශීය

ඊශ්‍රායලයට සාත්තු සේවක රැකියා අවස්ථා 749ක්

ඊශ්‍රායලයේ සාත්තු සේවක (caregiver) රැකියා සඳහා මේ වන විට ශ්‍රමිකයින් 749 දෙනෙක් පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

මේ අතර, ඊශ්‍රායල් සාත්තු සේවක රැකියා සඳහා පිටත්ව යන 131 වන කණ්ඩායමට අයත් තවත් 21 දෙනෙකුට වීසා, ගුවන්ටිකට්පත් ඇතුළු ලියකිවිලි භාරදීම ඊයේ(06) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී සිදු කරන ලදී. එම කණ්ඩායමට තරුණියන් 18 දෙනෙකු හා තරුණයින් 3 ඇතුළත් වේ. මෙම පිරිස මේ මස 09 වෙනිදා ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතව ඇත.

ඊශ්‍රායලය, දකුණු කොරියාව, ජපානය වැනි රටවල් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුම් වලට අනුව ඉහළ වැටුප් සහිත රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට හිමිව තිබේ. ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිස ලියාපදිංචිවීමේ අවස්ථාව ද තිබේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *