Latestදේශීය

80% ඡන්දය පාවිච්චි කරලා

ලබන 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය භාවිතා කිරීම පසුගිය දිනවල පැවති තැපැල් ඡන්දය භාවිතා කිරීමේ දිනවල තැපැල් ඡන්ද දායකයන්ගෙන් 80%කට වැඩි පිරිසක් තැපැල් ඡන්දය භාවිතා කර ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කරයි.

තැපැල් කාර්යාල වෙත ලැබී ඇති රක්ෂිත ඡන්ද පැකැට්ටු සංඛ්‍යාව අනුව සංසන්දනාත්මකව සසඳා බලා මෙම නිරීක්ෂණය සිදුකල බව ඔහු පවසයි.

පසුගිය 04, 05 හා 06 යන දිනවලදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සිදුවුනු අතර, ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ අයට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සැප්තැම්බර් 11 සහ 12 යන දෙදින අතිරේක දින දෙකක් ලෙස හිමිවන බවයි වාර්තා වන්නේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *