Latestදේශීය

නිල ඡන්ද පත්‍රිකා 51% බෙදා අවසන්

මෙවර ජනාධිපතිවරණය සඳහා වන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මේ වනවිට 51%ක් බෙදා අවසන් කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි.

ලංකාවේ සියලුම ඡන්දදායකයින්ට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා දීමට කටයුතු කරන බව කී නියෝජ්‍ය තැපැල්පතිවරයා,  මැතිවරණ කොමිසන් සභාවේ ලියාපදිංචි එක් කෝටි හැත්තෑ එක් ලක්ෂයකට ආසන්න සියලුම ඡන්දදායකයින් සඳහා  නිවාස ලක්ෂ 64කට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සිදු කරන බවද සඳහන් කළේය.

එමෙන්ම පසුගියදා (08) විශේෂ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ දිනයක් ලෙස කටයුතු කළ බව ප්‍රකාශ කළ නියෝජ්‍ය තැපැල්පතිවරයා , නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙසින් නිවසට ගොස් බෙදා හැරීම සැප්තැම්බර් 14 (සෙනසුරාදා) අවසන් වන බව ද පැවසීය.

නිල ඡන්ද පත්‍රිකා ලබා ගැනීමට නොහැකි වන පුද්ගලයින්ට සැප්තැම්බර් මස 18 වැනිදා සිට මැතිවරණය පවත්වන දිනය වන සැප්තැම්බර් මස 21 වැනිදා තෙක් රාජකාරි වේලාවේදි තමන් පදිංචි ප්‍රදේශයේ තැපැල් කාර්යාලය වෙත ගොස් ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කර සිය අනන්‍යතාවය තහවුරු කරගැනීමෙන් අනතුරුව ඒවා ලබාගත හැකි බවද පැවසුවේය.

එමෙන්ම නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමට තැපැල් දෙපාර්තමේන්තුවේ ලිපි බෙදීම් තැපැල් සහ උප තැපැල්  කාර්යාල 2090ක් සහ ලිපි බෙදීම් කාර්ය මණ්ඩලය 8000ක් මේ සඳහා සම්බන්ධ බවද නියෝජ්‍ය තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *