Latestදේශීය

කෙහෙළිය රඹුක්වැල්ල මුදාගත් මෙහෙයුම?

මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමති ලෙස සිටියදී පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙනවිත් වසරක් සම්පූර්ණ වී තිබේ.

එම විශ්වාසභංග යෝජනාව 2023 සැප්තැම්බර් 07 වෙනි දින ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා විසින් මන්ත්‍රීවරු 41 දෙනෙකුගේ අත්සන් සහිතව ඉදිරිපත් කර තිබිණි. එහි චෝදනා 06ක් ඉදිරිපත් කර තිබූ අතර එම චෝදනාවල පදනම වී තිබුණේ ඖෂධ ජාවාරම සිදු කිරීමයි.

එම විශ්වාසභංග යෝජනාව පිළිබඳ දෙදින විවාදයක් පවත්වා සැප්තැම්බර් 08 වෙනි දින ඡන්දය විමසනු ලැබීය. එහිදී අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මෙහෙයවීම මත මන්ත්‍රීවරු 112ක් එම යෝජනාවට විරුද්ධව ඡන්දය ලබා දී තිබිණි. යෝජනාවට පක්ෂව ඡන්ද 72ක් ලැබීම නිසා වැඩි ඡන්ද 40කින් යෝජනාව පරාජය කරනු ලැබීය.

එහෙත්, කෙහෙළිය රඹුක්වැල්ල එම චෝදනා මතම අධිකරණය මගින් ඇප ලබා නොදී බන්ධනාගාර ගත කර සිටී.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *