“සැනසෙන්නම් මා” කියා ඔහු නිහඬවම නික්ම ගියා
රසික සිත් අපූරු ගීතාවලියකින් සැනසූ ශ්‍රී ලාංකික සංගීත රසිකයින් අතර මහත් ආදරයක් දිනා සිටින සේනක බටගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඔහු 66 වන වියේ පසුවුණා.
රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අළුයම (11) ඔහු මියගොස් තිබෙනවා.
1958 ජුනි මස 25 දින උපත ලැබූ සේනක බටගොඩ මහතා විවිධ සංගීත ආරයන් සමග තම හැකියාවන් ප්‍රගුණ කරගනිමින් මෙරට සංගීතයට නව මානයන් එක්කරන්නට සමත් වුණා.
තරුණ පරපුර අතර බොහෝ සෙයින් ජනප්‍රියව සිටි බටගොඩ මහතා තම හඩ පෞරුෂය තුළින් තාරුණ්‍යයේම රැදී සිටින්නට තරම් සුවිශේෂී වුණා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

