Latestක්‍රීඩා

මොයින් අලී සමුගනී

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට තීරණය කර ඇති බවට වාර්තා වේ.

37 වැනි වියේ පසුවන ඔහු පවසා ඇත්තේ තවදුරටත් ෆ්න්චයිසි තරග ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවත්, ක්‍රිකට් ක්‍රීඩාව සඳහා තවදුරටත් සහායවීම සඳහා පුහුණුකරුවකු වන්නට බලාපොරොත්තු වන බවත්ය.

මොයින් අලී මෙලෙසද පවසා ඇත.

‘මම එංගලන්ත කණ්ඩායම සඳහා ගොඩක් ක්‍රීඩා කරලා තියෙනවා. ඊළඟ පරම්පරාවට දැන් කාලය ඇවිත්. ඒක මටත් පැහැදිලියි. වෙලාව හරි කියලා දැනුණා. මම මගේ කොටස කළා’ යැයි ඔහු පවසා තිබිණි.

2014 වසරේදී එංගලන්ත කණ්ඩායමට ඇතුළත්වන මොයින් අලී ටෙස්ට් තරග 68කටත්, එක්දින තරග 138ක් සහ විස්සයි – 20 තරග 92කටත් ක්‍රීඩාකර ඇත.

මොයින් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ලකුණු 6678ක් ලබාගෙන ඇති අතර එයට ශතක 8ක් සහ අර්ධ ශතක 28ක් සහ කඩුලු 366ක් ලබාගැනීමට සමත්විය.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *