Latestදේශීය

මාස 8ට ඊශ්‍රායලයේ සාත්තු සේවයට 784කට රැකියා අවස්ථා

2024 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ මාස 8ක කාලය තුළ ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් 784 දෙනෙකු පිටත්ව ගොස් ඇති අතර, ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා සුදුසුකම් ලැබූ තවත් කාන්තාවන් 19 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ලබාදීම ඊයේ දිනයේදී (12) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී සිදුවිය.

මෙම පිරිස සැප්තැම්බර් මස 15 දින ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතයි.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායලයේ ෆීබා ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව මේ වන විට ශ්‍රි ලාංකිකයින් 1,618 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා උදා වී තිබේ.    


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *