ආසියාතික කනිෂ්ඨ බොක්සිං ලෝකඩ පදක්කමක් දිනූ සෙනුදි අතුකෝරළ
අබුඩාබිහිදී පැවැති ආසියාතික කණිෂ්ඨ බොක්සිං තරගාවලිය සඳහා හොරණ අධ්‍යාපන කලාපයට අයත් කළුපහන කනිෂ්ඨ විද්‍යාලය නියෝජනය කරමින් කිලෝග්‍රෑම් 33-35 බර පන්තිය යටතේ සහභාගි වූ සෙනුදි අතුකෝරළ ලෝකඩ පදක්කමක් හිමිකර ගනිමින් ශ්‍රී ලංකාවට මහත් කීර්තියක් ගෙනදීමට සමත්ව තිබේ.
කළුපහන කනිෂ්ඨ විද්‍යාලය නියෝජනය කරමින් සෙනුදි අතුකෝරළ සමඟ එච්.එස්.කාවින්දි සහභාගි වූ අතර, ලොව ප්‍රධාන පෙළේ ක්‍රීඩිකාවන් සමඟ ගැටෙමින් දැක්වූ දස්කම් කළුපහන කනිෂ්ඨ විදුහල් ඉතිහාසය තුළ සිදුවූ ප්‍රථම වතාවද විය.
පුහුණුකරු වූ දිමුතු දිනේෂ් මහතාගේ කැපවීම මත මෙම සිසුවියන් තරගාවලිය සඳහා එක්වූ අතර, ආසියාතික කනිෂ්ඨ බොක්ෂිං තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අමිල අරවින්ද තිසේරා, ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරිනී උපුලි සුලෝචනා ගුණතිලක යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගි වූහ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

