Latestදේශීය

කතිරයෙන් මේ හොර තක්කඩි දේශපාලනය අවසන් කරන්න – දිලිත් ජයවීර

තමන් ඉදිරිපත් කර ඇත්තේ පොරොන්දු පත්‍රිකාවක් නොව මහපොළොවේ යථාර්ථයක් කළ හැකි උපාය මාර්ගික වැඩපිළිවෙළක් බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජනරැලියකට එක්වෙමින් ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මේ බව කියා සිටියේය.

“මේක පොරොන්දු පත්‍රිකාවක් නෙමෙයි. ශ්‍රී ලාංකික දේශපාලනයේ… මම හිතන්නේ නිදහසින් පසු ශ්‍රී ලංකාවේ මෙවැනි උපායමාර්ගික වැඩපිළිවෙළක් ජනාධිපතිවරණයකදී ඉදිරිපත් වන පළවෙනි අවස්ථාව. ඔබ බලාපොරොත්තු වන ශ්‍රී ලංකාව නිර්මාණය වන ආකාරයයි මේ පොතේ සඳහන් වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට ලැබී ඇති මේ තීරණාත්මක අවස්ථාව පාවිච්චිකරමු ඔබත්, අපිත් සිහිනයෙන් දුටු ඒ දියුණු ශ්‍රී ලංකාව නිර්මාණය කර ගන්නට අපි අර පෙට්ටිය ඇතුළට ගිහිල්ලා හෘද සාක්ෂියට එකඟව ඔබ ප්‍රාර්ථනා කරපු ශ්‍රී ලංකාව ඔබ විසින් නිවැරදි කළයුතු ශ්‍රී ලාංකික දේශපාලනය… මේ හොර තක්කඩි දේශපාලනයට විරුද්ධව ඔබේ හදවතේ නැගෙන වෛරය, කෝපය කතිරයෙන් අවසන් කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් ඔබට පුළුවන් ආදරයේ සලකුණ වන තරුව ඉදිරියේ කතිරය සලකුණු කරන්න.”

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *