ඡන්ද පත්‍රිකා 98%ක් බෙදා අවසන්
ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා සියයට 98ක ප්‍රමාණයක් බෙදා අවසන් බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.
14 වැනිදායින් පසු නිවෙස් වෙත නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අවසන් කළ බවද ඒ මහතා කියාසිටියේය.
ගතවූ කාලය තුළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කාර්ය සඳහා සේවකයන් හත්දහසකගේ සහයෝගය ලැබුණු බවද හෙතෙම කීය.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේදී ඇති වූ බාධක අතර වර්ෂාව ප්‍රධාන තැනක් ගත් බවද කෙසේ වෙතත් එම බාධක හමුවේ වුවද නිවෙස් වෙත ගොස් නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරි බවද ඒ මහතා කියා සිටියේය.
අනෙක් බාධකය වූයේ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමට නිවෙස් වෙත යෑමේදී බොහෝදෙනා නිවෙස් තුළ නොසිටීම බවද හෙතෙම කීය.
කෙසේවෙතත් මේ වනවිට තම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබී ඇත්නම් තම ප්‍රදේශයේ තැපැල් කාර්යාලයට ගොස් තම අනන්‍යතාව තහවුරු කර තම ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබාගත හැකි බවත් මැතිවරණ දිනය වන 21 වැනිදා දක්වා ඒ සඳහා අවස්ථාව සලසා දී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
@දිවයින
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

