Latestදේශීය

5 ශිෂ්‍යත්වය නැවත තියන්න වේවි

මෙවර පැවැත්වුණු 5 වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළව විභාග ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට පරීක්ෂණවලින් අනාවරණය වුවහොත් විභාගය නැවත වතාවක් පැවැත්වීමට කටයුතු කිරීමට හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය අද (20) සඳහන් කළාය.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය වැඩිදුරටත් සඳහන් කළේ,

“සැප්තැම්බර් මස 15 වනදා 5 වසර ශිෂ්‍යත්වය විභාගය පැවැත්වුවා. එහි ප්‍රශ්න පත්‍රයක් පිටවී ඇති බවට කරුණු හෙළිවීමත් සමග විභාග දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් සිදු කළා. ඒ මූලික පරීක්ෂණ වාර්තාවත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැන් පරීක්ෂණ සිදුකරනවා. ඒ අනුව පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව කටයුතු කරන්න කියලා ජනාධිපතිතුමා සහ අමාත්‍යතුමා උපදෙස් දුන්නා.”

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *