Latestදේශීයසංස්කෘතික

සිටිය යුතුම වේලාවක ඩබ්. ජයසිරි නික්මගිය වග……..

ප්‍රවීන කලාකරු ඩබ්ලිව්. ජයසිරි තමා වෙත ඉතිහාසයෙන් පැවරුණු වැඩ කොටස නිමා කර ඊයේ (22) දිවි රඟ මඩලෙන් සමුගත්තේය.



ක්ෂේත්‍ර කිහිපයක තම විශිෂ්ඨ හැකියාවන් දැක්වූ ඔහු මියයනවිට වයස අවුරුදු 77වෙනි වියේ පසුවිණි.

ඔහු අවසන්වරට සහභාගී වූ යූටියුබ් නාලිකා සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබු‍ණේ, “අනුර මේ වෙනස කරන හැටි බලන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා” යනුවෙනි.

මෙරට සිනමාව සහ ටෙලිනාට්‍ය කලාව නව මානයකට යොමු කළ ප්‍රවීන චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ නැසී ගිය ආචාර්ය ධර්මසේන පතිරාජගේ විශ්ෂ්ඨ කෘතිවලට විවිධ අයුරුන් ඩබ්ලිව්. ජයසිරි සිය දායකත්වය ලබා දී තිබිණි. ඊට අමතරව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සති අන්ත අධ්‍යාපන සේවයේ වැඩ සටහන් නිෂ්පාදකයෙකු ලෙස සුවිශේෂි කාර්යභාර්යයක් ඉටු කළ අතර ගුවන්විදුලි නාට්‍ය හඬකැම් ශිල්පියෙකු ලෙසද කටතු කරනු ලැබීය.

එසේම සන්ත නන්දසිරි ගායනා කළ “සුළං හමයි ලොව කැළඹෙයි නුඹ නිදියයි නිසන්සලේ නිදි කුම්ඹා මල් කැකුළේ” නම් ප්‍රකට ගීතය ඇතුළු ගීත කිහිපයක් රචනා කළ අතර කාව්‍ය සංග්‍රහ දෙකක් මෙන්ම කෙටි කතා කෘති කිහිපයක්ද සාහිත්‍ය ක්ෂේත්‍රයට එක් කර තිබේ.

ඒ අතරින් වඩාත් කතාබහට ලක්ව තිබෙන්නේ බඹරු ඇවිත් චිත්‍රපටයට ඔහු විසින් රචනා කළ තේමාගීතය වන “උඳුම්බරා හිනැහෙනවා” නම් ගීතයයි.

මේ අතර සුනාමි මහා වියසනය පදනම් කරගෙන අශෝක හඳගම තිරරචනය කර අධ්‍යක්ෂණය කළ නැගෙනහිර වෙරළෙන් ඇසෙන ටෙලි නාට්‍යයේ නායක හාමුදුරුවන් වහන්සේගේ චරිතය නිරූපනය කළ ඩබ්ලිව්. ජයසිරි එම රංඟණයේදී විශිෂ්ඨතම හැකියාවන් පෙන් වූ බව විචාරකයෙන්ගේ මතය වී තිබේ. එමෙන්ම එම ටෙලිනාට්‍යයද දෙමළ, මුස්ලිම, සිංහල ලෙස ජනතාව බෙදා දේශපාලනය කිරීමේ ඛේදවාචකය පිළිබඳව කදිම නිර්මාණයක් ලෙසද ඉතිහාසයට එක් වී තිබේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *