Uncategorized

නාමල් ඇතුළු 35කට ඇපත් නැහැ

ජනාධිපති අපේක්ෂකයින් 35 දෙනෙකුගේ ඇප මුදල් රාජසන්තක වන බව මැතිවරණ කොමිසම පවසයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, 12.5% ඉක්ම වූ ඡන්ද ප්‍රතිශතයක් ලබා නොගැනීම හේතුවෙන් ඇප මුදල් රාජසන්තක වන බවයි.

2024 ජනාධිපතිවරණයේ ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 79% කට අධික වේ.

2019 වසරේ ප්‍රකාශිත ප්‍රතිශතය 83%ක් ලෙස පැවති බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය සලකුණු කර නොමැති පිරිස ලක්ෂ 35 කට අධික වේ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *