Latestදේශීය

කකුලෙන් අදින්න ලෑස්ති වෙන්න එපා – රාහුල හිමි

“මේ රටට ආදරය කරන මිනිස්සු නම් ඔය දේශපාලඥයන් ඇත්තටම වර්ථමාන ජනාධිපතිවරයාගේ කකුලෙන් අදින්නේ නෑ, ඊයේ දැනගන්න ලැබුණා දැන් ලොකු ජාලයක් හදන්න යනවා මේ ගොල්ල, එක සන්ධානයක් හදලා, මේ සියලු දෙනා එකට එකතු වෙලා මේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙලා ඊට පස්සේ බහුතර බලයක් අරගෙන. ඒ ගොල්ල බලාපොරොත්තු වෙනවා ජනාධිපතිවරයා තනතුරෙන් පහ කරන්න. මේවා සදාචාරාත්මක දේශපාලන සංස්කෘතියට ගැලපෙන ඒවා නෙමෙයි.” යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පවසති.

ඒ හිමියෝ මේ බව පැවසූවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායකට සුබ පතමින් ඊයේ(25) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ,

“ඔය ඔක්කොම කෑ ගැහුවේ අපි රටට ආදරෙයි, අපි අරක කරනවා, මේක කරනවා, කියලා.දැන් ඉතින් ජනතාවගේ කැමැත්තෙන් ජනාධිපතිවරයකු පත් වුණා නේ, ජනතාව බලාපොරොත්තු වෙන දෙයක් තමයි සිස්ටම් චේන්ජ් එකක්, අරගලයේ ඉඳලාම ඔකනේ කිව්වේ, අරගලයේ ඉඳලා ඒ ඉල්ලපු ජන මතයට ගරු කරලා වර්ථමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපති ධූරය භාර ගත්තා, දැන් කළ යුත්තේ දේශපාලඥයන් හැටියට රටට ජාතියට ආදරය කරන මිනිස්සු නම් පැහැදිලිවම මෙතුමාට මේ අවුරුදු 05 කකුලෙන් අදින්නේ නැතිව කර ගෙන යන්න ඉඩ දෙන්න. ඒක තමයි දේශපාලඥයන් කළ යුතු එකම ක්‍රියාදාමය.

මම දැක්කා දේශපාලඥයන් විවිධ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා, මේ ජනාධිපතිවරයාට ජනතාවගේ කැමැත්ත ලැබුණේ මේ රටේ දේශපාලඥයන් කෙරෙහි, මේ කරපු ජඩ වැඩ හින්දා. මේ රටේ අල්ලස, දූෂණය, වංචාව, රජකරපු යුගයක්නේ තිබුණේ. මැති ඇමතිවරු, මන්ත්‍රීවරු වරප්‍රසාද භුක්ති විඳපුවා දැක්කා. අර මුහුණු පොතේ යන වාහන ගොඩ දැක්කා නම් මෙව්වා කොහෙද තිබුණේ කියලා හිතෙනවා. එක වාහනයක මම හිතන්නේ ලීටරයකට වැඩ කරන්නේ කිලෝ මීටර 05 ක් නැත්මන් 03යි. බලන්න කොළඹ ඉඳලා මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ සමස්ත රටේම මේ පක්ෂ විපක්ෂ දේශපාලඥයන් පාවිච්චි කරපු වාහනවලට ගියපු වියදම්. තෙල්, වැටුප් දිහා බැලුවම මේ රට ඇත්තමට ගොඩනගන්න පුලුවන් ඒ වගේ ඉතුරු කරලා. ඉතින් ජනාධිපතිතුමා අදර්ශයක් දුන්නා. මේ රටට එතුමාගේ දිවුරුම් දීමේ උත්සවය බොහෝම සරලව සිදු කරනු ලැබුවා.” යනුවෙනි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *