Uncategorized

මහනුවරට ජල කප්පාදුවක්

පොල්ගොල්ල ජලාශයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් සැප්තැම්බර් මස 28 වැනි සෙනසුරාදා අලුයම 1.00 සිට 30වැනි දින පස්වරු 6.00 දක්වා පැය 65ක කාලයක් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව මහනුවර නගර සභා බල ප්‍රදේශය, හාරිස්පත්තුව , පූජාපිටිය , පාතදුම්බර සහ අකුරණ ජල සම්පාදන කුමවලට අයත් ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවයි.

තවද කුණ්ඩලසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රජවැල්ල , සිරිමල්වත්ත, අම්පිටිය,අමුණූගම, හන්තාන සහ වලල යන ප්‍රදේශවල මෙන්ම විසල් මහනුව ජල පවිත්‍රාගාරයෙන් ජලය බෙදාහරින මාවතගම ප්‍රදේශයටද ජල සැපයුම අත්හිටුවෙන බව එම මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දෙයි.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 1939 දුරකතන අංකයෙන් විමසීමක් කළ හැකි බවද ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් පවසයි. 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *