Latestවිදේශීය

ලෙබනනයේ බීරූට් අගනුවරට ඊශ්‍රායල් ප්‍රහාරයක්

ලෙබනනයේ බීරූට් අගනුවර දාහියේ ප්‍රදේශයට ඊයේ එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුව ඇතිබව මෙතෙක් වාර්තා වී නොමැති බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර මහතා සඳහන් කර ඇත.

ඊයේ(27) රාත්‍රියේ දරුණු ප්‍රහාර මාලාවක් එල්ල විය.ලෙබනනයේ බීරූට් අගනුවර දාහියේ ප්‍රදේශයට එල්ල වූ එම ඊශ්‍රායල ප්‍රහාරවලින් කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුව ඇතැයි මෙතෙක් වාර්තා වී නොමැති බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර මහතා පවසයි.

මෙම ප්‍රහාරයෙන් පසු දුරකථනයෙන් තමා ඇමතූ ශ්‍රී ලාංකිකයින් 05 දෙනෙකු ආරක්ෂාව සඳහා වහාම ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කැඳවාගත් බව තානාපති කපිල ජයවීර මහතා පවසා තිබේ.

එමෙන්ම තානාපතිවරයා ශ්‍රී ලාංකික ජනතාව වෙත පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගන්නා ලෙසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *