හිස්බුල්ලා නායකයාගේ මරණයට ඉරානයේ දින 5ක ශෝක කාලයක්
හිස්බුල්ලා නායක හසාන් නස්රල්ලා ගේ (Hassan Nasrallah) මරණය හේතුවෙන් ඉරානයේ දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කමේනි විසින් මෙම ශෝක කාලය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර ඇත්තේ පළිගැනීමකින් තොරව මෙම මරණයට සාධාරණයක් ඉටු කිරීමට නොහැකි බවයි.
මේ අතර හිස්බුල්ලා නායකයාගේ මරණය ඓතිහාසික හැරවුම් ලක්ෂයක් වනු ඇති බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

