Latestවිදේශීය

හෙලීන් තවත් 30දෙනෙක් බිලිගනී

අමෙරිකාවේ උතුරු කැරොලිනා ප්‍රාන්තයට බලපෑ ඇති  ‘හෙලීන්’ සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා ෆ්ලොරීඩා ප්‍රාන්තය හරහා  ‘හෙලීන්’ සුළි කුණාටුව අමෙරිකාවට ඇතුළුවී තිබුණි.

ප්‍රාන්ත කිහිපයක් හරහා හමාගිය සුළි කුණාටුවේ බලපෑමෙන් සිදුවූ අනතුරුවලින් මේ වන විට පුද්ගලයින් 105 දෙනෙකු පමණ මියගොස් ඇති අතර ඇතැම් පිරිස් අතුරුදන්ව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කෙරෙයි.

එමෙන්ම ගස් කඩා වැටීම් හේතුවෙන් ගමනාගමනයට මෙන්ම විදුලි සැපයුමට ද බාධා එල්ලවී තිබේ.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *