Latestවිදේශීය

ඉරානය ඊශ්‍රායලයට පහර දෙයි

ඉරානය විසින් ඊශ්‍රායලය දෙසට මිසයිල ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායල හමුදාව පවසයි.

ඒ අනුව සියලුම ඊශ්‍රායල සිවිල් වැසියන් බෝම්බ ප්‍රහාරවලින් ආරක්ෂාවන ස්ථානවල රඳවා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

ඊශ්‍රායලය පුරා සයිරන් නාද සංඥා නිකුත් කරමින් ඇත.

බැලැස්ටික් මිසයිල 180 ක් පමණ ඉරානයෙන් ප‍්‍රහාර එල්ල කර ඇතත් ඊශ්‍රායල මිසයිල ආරක්ෂක පද්ධතිය මගින් ඒවා වලක්වා තිබේ.

මිසයිල කීපයක් ඊශ්‍රායලයට පතිත ව ඇතත් එයින් සැලකිය යුතු හානියක් සිදුව නැත.

මිසයිල ප‍්‍රහාර එල්ල කරන ලද බව ඉරානයේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය තහවුරු කර තිබේ.

මේ අතර ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් වෙත ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

එහි දැක්වෙන්නේ ඊශ්‍රායලයේ සිටින සියලු දෙනාට නැවත දන්වන තුරු  ආරක්ෂාවක් ලැබිය හැකි ස්ථානයක් ආසන්නයේ සිටින ලෙසය.

අනවශ්‍ය ගමන්බිමන් වලින් වැළැකි තම ආරක්ෂාව සලසා ගන්නා ලෙසත් ආරක්ෂක අමාත්‍යාංශය හා PIBA ආයතනය විසින් නිකුත් කර ඇති උපදෙස්  නිරන්තරයෙන් පිළිපදින්න ලෙසද දැනුම් දී ඇත. 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *