අද කාළගුණ නිවේදනය
අද (12) දිනයට අදාළව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කාළගුණ නිවේදනය නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ දැක්වෙන්නේ පුත්තලම, අම්පාර,මඩකලපුව, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල අද උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකි බවයි.
බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන සවස් කාලයේදී සහ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. තවද ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

