Latestදේශීය

විෂ මත්ද්‍රව්‍ය ගැන 1818ට කියන්න

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ” රටම එකට ” ජාතික මෙහෙයුම හා සමගාමීව හඳුන්වා දුන් 1818 ක්ෂණික ඇමතුම් අංකය මේ වන විට “රටම එකට ” ප්‍රධාන කාර්යාලය හා මාධ්‍ය මධ්‍යස්ථානයේ ස්ථානගතව පැය 24 පුරා ක්‍රියාත්මක ය.

දිවයින පුරා සිදුවන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්, විෂ මත්ද්‍රව්‍ය බෙදාහැරීම් හෝ ඒ ආශ්‍රිත ඕනෑම සැකකටයුතු ක්‍රියාකාරකමක් පිළිබඳව නිවැරදි තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබා දීම සඳහා මෙම ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වා දී ඇත.

රටේ ඕනෑම පුද්ගලයකුට විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධ ඉහත සඳහන් කරන ලද ආකාරයේ ඕනෑම තොරතුරක් මෙම අංකයට ක්ෂණිකව ලබාදිය හැකිය.

දැනුම් දෙන තැනැත්තන්ගේ රහස්‍යභාවය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරනු ලැබේ.

එමෙන්ම, ලබාදෙන තොරතුරු සම්බන්ධයෙන් ඉතා කඩිනමින් ක්‍රියාත්මක වීම ද මෙහි ඇති විශේෂත්වයක්.
මෙම සේවාව ජනාධිපති කාර්යාලයේ සහ ” රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ සෘජු අධීක්ෂණය යටතේ සම්බන්ධීකරණය කෙරේ.

ඒ අනුව, විෂ මත්ද්‍රව්‍ය ජාවාරම හෝ ඒ හා සම්බන්ධ වෙනත් සැකකටයුතු ක්‍රියාකාරකමක් පිළිබඳ තොරතුරු 1818 ක්ෂණික දුරකථන ඇමතුම් අංකය ඇමතීමෙන් මහජනතාවට ඕනෑම මොහොතක ඉතා සුරක්ෂිතව ආරක්ෂක අංශ වෙතලබා දීමට හැකිය.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *