Latestක්‍රීඩා

සවුති නායකත්වය අත්හරී

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති ටෙස්ට් තරග දෙකම පරාජය වීම හේතුවෙන් නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුති සිය නායකත්වයෙන් ඉල්ලා අස්වී ඇත.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඉන්දියාව සමග ටෙස්ට් තරගාවලිය සඳහා නවසීලන්ත නායකත්වය හිමි වීමට ඇත්තේ ටොම් ලැතම්ටය.

ටිම් සවුති පවසන්නේ කණ්ඩායමේ ජයග්‍රහණය සහ ඉදිරි අනාගතය සඳහා මෙම තීරණය ගත් බවයි.

ටිම් සවුති ටෙස්ට් තරග 14කට නායකත්වය සපයා ඇති අතර 2022දී කේන් විලියම්සන් නායකත්වයෙන් ඉල්ලා අස්වූ පසු ටිම් සවුති නායකත්වය ලබාගෙන තිබේ.

ටිම් සවුති ටෙස්ට් තරග 6ක් නායකත්වය යටතේ ජයගෙන ඇත.

තරග 2ක් ජය පරාජයෙන් තොරව නිමාවී තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *