උප්පැන්න නැති සියලු දරුවන්ට උප්පැන්න සහතික ලබාදෙයි
පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව දිවයින පුරා සිටින උප්පැන්න සහතික නොමැති දරුවන් හඳුනා ගනිමින් එම සහතිකය දරුවන්ට ලබා දීමේ වැඩසටහනක් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ද සහාය ඇතිව ක්‍රියාත්මක කර තිබේ.
පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට අනුයුක්තව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මටට්මින් සේවය කරන ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් මෙම කාර්යයයේ නියලෙන අතර උප්පැන්න සහතික නොමැති දරුවන්ට උප්පැන්න සහතික ලබා ගැනීමට අවශ්‍ය සහාය සහ එම දරුවන් පාසල්වලට ඇතුළත් කිරිමට අවශ්‍ය කටයුතු සිදු කරනු ලබයි.
එසේ වුව ද තවදුරටත් සැලකිය යුතු දරුවන් ප්‍රමාණයක් උප්පැන්න සහතික නොමැතිව විවිධ දුෂ්කරතාවලට මුහණ දෙන බවට වාර්තා වී ඇත.
ඒ අනුව ඔක්තෝම්බර් මාසය පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් මුණගැසී උප්පැන්න සහතික ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට හැකියාව පවතී.
මෙම වැඩසටහන පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමෙන්තුව සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව එක්ව ඔක්තෝම්බර් මාසය පුරා කිසිදු අයකිරීමකින් තොරව ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

