යුද්ධය අවසන් කිරීමේ යෝජනාව කොංග්‍රසයේදී තෙවැනි වරටත් සම්මතයි
යුද මෙහෙයුම් සඳහා අමෙරිකාවට පළමු මාස 4ක කාලසීමාවේදී අවම වශයෙන් ඩොලර් බිලියන 38ක් වියදම් වූ බව අනාවරණය වීමෙන් පසු ඉරාන යුද්ධය අවසන් කිරිමේ යෝජනාව කොංග්‍රසයේදී තුන්වැනි වරටත් සම්මත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මධ්‍යම වාර මැතිවරණයට පෙර ඉරාන යුද්ධය සම්බන්ධයෙන් කොංග්‍රසයේ පැවති අවසන් ඡන්ද විමසීම මෙය බව ද වාර්තා වේ. කොංග්‍රසයේ තීන්දුව ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් ඡන්ද පදනමට තදින් බලපානු ඇතැයි ද වාර්තා පළ වී තිබේ. ඉරාන යුද්ධය අවසන් කිරිමේ යෝජනාව තෙවැනි වරටත් සම්මත වී ඇත්තේ යුද වියදම මාසයකට ඩොලර් බිලියන 3කින් ඉහළ යන බවත්, පහත වැටී ඇති අවිආයුද සංචිතය නැවත ගොඩනැඟීමට තවත් වසර 5ක් පමණ ගතවිය හැකි බවත් කොංග්රස් අය-වැය කාර්යාලයේ වාර්තාවකින් පෙන්වා දීමෙන් පැය කිහිපයකට පසුවය. මීට පෙර අවස්ථා දෙකකදී මෙන් මෙවර ද එම යෝජනාව ඡන්ද 220-204කින් සම්මත වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
යුද්ධය අවසන් කරන ලෙස ඉල්ලා සිටි බහුතරයක් වූ ඩිමොක්රටික් මන්ත්‍රීවරුන් සමඟ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ද එක්වී සිටි බව වාර්තා වේ. කෙසේ වෙතත් කොංග්‍රසයේ තීන්දුව ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත යොමුවූවද, ඔහු සිය නිෂේධ බලය යොදා එම යෝජනාව අහෝසි කිරීමට වැඩි ඉඩකඩක් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

