රුපියල් 50000 කතාව බොරුවක් – බැංකු ගිණුම්වල OTP කාටවත් දෙන්න එපා
මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දේශපාලන පක්ෂයකට සම්බන්ධ වූ පිරිසකට රුපියල් 50,000 ක ප්‍රතිදානයක් ලබා දෙන බවට සංසරණය වන පණිවිඩ ව්‍යාජ බව විදුලි සංදේශ කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ(අනුකුලතා) මේනකා පතිරණ මහත්මිය සඳහන් කරයි.
මෙවැනි ව්‍යාජ පණිවිඩ හා සම්බන්ධ වී සිය පෞද්ගලික බැංකු ගිණුමට ප්‍රවිෂ්ට වීමේ දී භාවිතා වන රහස් අංකය, මුරපදය සහ OTP අංකය යනාදී තොරතුරු ලබා දීමෙන් වළකින ලෙස ඒ මහත්මිය මහජනතාවට දැනුම් දුන්නාය.
අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡා වේ දී මේනකා පතිරණ මහත්මිය මේ බව සඳහන් කළාය.
එමෙන්ම, මෙවැනි පණිවිඩ නිරන්තරයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන හෙයින් එවැනි කිසිඳු අවස්ථාවක දී සිය පෞද්ගලික තොරතුරු ලබා දීමෙන් වැළකි සිටින ලෙස ඒ මහ්තමිය වැඩිදුරටත් සඳහන් කළාය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

