සියලු ගිනිඅවි සදුදාට(07) පෙර නැවත රජයට බාරදෙන්න නියෝග කරයි
ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.
මේ අනුව ගිනි අවි සහ ඒ සඳහා නිකුත් කර ඇති පතුරම් ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරන ද්‍රව්‍ය ගබඩාවට ලබන සඳුදාට (07) පෙර බාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය සියලුම බලපත්‍රලාභීන්ට දැනුම් දී ඇත.
එදිනට පෙර ගිනි අවිභාර දීමට අපොහොසත් වුවහොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
කෙසේ වෙතත් දේපළ ආරක්ෂාව වගා හානි ආරක්ෂාව හා ක්‍රීඩා කටයුතු සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කෙරුණු ගිනි අවි සඳහා මෙම නියෝගය අදාළ නොවන බව ආරක්ෂක අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

