චීනය සහ අමෙරිකාව එකඟතා 08කට පැමිණෙයි
ඉකුත් 23වැනි දා සිට 25වැනි දා දක්වා චීන ජනාධිපති ෂී ජින්පිං අමෙරිකානු රාජ්‍ය සංචාරයකට එක්විය.එම කාලයේ දෙපාර්ශ්වය ද්විපාර්ශ්වික සම්බන්ධතා වර්ධනය කිරීම සහ ප්‍රධාන ජාත්‍යන්තර හා කලාපීය කරුණු පිළිබඳව පුළුල් ලෙස අදහස් හුවමාරු කරගත් අතර එකඟතාවන් 8කට එළඹ තිබේ.
ගෞරවය, සාධාරණත්වය හා සමානාත්මතාවය පදනම්ව චීනය හා අමෙරිකාව ස්ථාවර, සංවර්ධනාත්මක උපාය මාර්ගික සම්බන්ධතාවක් ගොඩ නැංවීමට දෙපාර්ශ්වය එකඟ වී ඇත. චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සාකච්ඡා යාන්ත්‍රණය යටතේ ලබාගෙන ඇති ඵලදායී ප්‍රතිඵල දෙරටේ රාජ්‍ය නායකයන්ගේ ඇගයීමට ලක් විය. මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගයෙන් ලද සාර්ථක ප්‍රතිඵල ද ඇගයීමට ලක්ව තිබේ. කෘත්‍රිම බුද්ධිය ක්ෂේත්‍රයෙහි දෙරට සංවාද ආරම්භ කිරීමට දෙපාර්ශ්වය එකඟතාව පළ කර ඇත. ඒ අනුව එළඹෙන නොවැම්බර් මාසයේ අදාළ සංවාදය පැවැත්වීමට නියමිතය.
එළඹෙන නොවැම්බර් මාසයේ චීනය සත්කාරකත්වය දරන එපෙක් සංවිධාන නායක සමුළුව සහ එළඹෙන දෙසැම්බර් මාසයේ අමෙරිකාව සත්කාරකත්වය දරන ජී-20 කණ්ඩායමේ නායක සමුළුව වෙනුවෙන් අන්‍යෝන්‍ය වශයෙන් සහාය ලබාදීමට චීනය හා ඇමරිකාව එකඟ වී තිබේ.
ඉරාන ප්‍රශ්නයෙහි ඇතැම් කරුණු සම්බන්ධයෙන් ද දෙරටේ රාජ්‍ය නායකයන් එකඟතාව පළ කර ඇත. ඒ අනුව ඉරානය න්‍යෂ්ටික අවි සංවර්ධනය නොකරන බවට ලබාදුන් පොරොන්දුව ඉටු කළ යුතුය. එසේම ඕනෑම රටක් හෝ ආයතනයක් ජගත් ජල මාර්ගයන්හි ගමනාගමන ගාස්තු අය නොකළ යුතුය.
චීන ජනපතිවරයාගේ අමෙරිකානු සංචාරයේදී දෙරටේ ජනපතිවරු දෙවන ලෝක යුද සමයේ දෙරට එක්ව යුද ජයග්‍රහණය ලබාගැනීමේ ඉතිහාසය සිහිපත් කරමින්, එවකට මිත්‍ර පාක්ෂිකයන් වූ බව සිහිපත් කළහ.
Atlanta සත්වෝද්‍යානයේ යම් කාලයක් තුළ රැඳී සිටීමට බලාපොරොත්තුවෙන් චීන පැන්ඩාවන් දෙදෙනකු අමෙරිකාවට ලබාදීම, චීනය හා අමෙරිකාව පැමිණි එකඟතාවන් අතරින් තවත් විශේෂත්වයකි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

