රන්ජන් ජයලාල්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නවා – සුනිල් හදුන්නෙත්ති
කඩුවෙල නගරාධිපතිවරයා විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව සුනිල් හදුන්නෙත්ති අමාත්‍යවරයා පවසනවා.
නගරාධිපති රන්ජන් ජයලාල් විසින් කළ ප්‍රකාශය ‘මොළයේ අසනීපයක්’ නිසා කළ ප්‍රකාශයක් බව ද, දූෂණය පිටුදකින ආණ්ඩුවක් ලෙස, නීතිය පළමුව තමන්ට අදාළ විය යුතු බව ද සුනිල් හදුන්නෙත්ති අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.
ජාතික ජන බලවේගයවත්, ජනතා විමුක්ති පෙරමුණවත්, අපේ පාක්ෂිකයෙක්වත්, හිතවතෙක්වත් එම ප්‍රකාශය පිළිගත යුතු නැතැයි ඔහු වැඩිදුරටත් පවසනවා.
වක්‍රව හෝ කලින් ආන්ඩුවලට ලබා දුන් ත්‍යාග අපටත් ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා නම් එය අල්ලස් ඉල්ලීමක් බව හදුන්නෙත්ති අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.
මහජන වරමක් යනු ජනතාවට උඩින් සිට වරප්‍රසාද බුක්ති විදින්නට ලැබෙන අවස්ථාවක් නොවිය යුතු බව පවසන සුනිල් හදුන්නෙත්ති අමාත්‍යවරයා පක්ෂයට වගකියන, පක්ෂයේ සාමාජිකයාට වගකියන, රටේ ජනතාවට වගකියන පාක්ෂිකයෙක් ලෙස රන්ජන් ජයලාල් ප්‍රසිද්ධියේ කර ඇති මෙම ප්‍රකාශයට ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලිය යුතු බව වැඩිදුරටත් පවසනවා.
ඔහු මෙම අදහස් පලකළේ “සිරස ඉලක්කය” වැඩසටහනට එක්වෙමින්.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

