නවසීලන්තය හමුවේ ඉන්දියාවට දරුණු පරාජයක්
විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ ඊයේ රාත්‍රියේ ඩුබායිහිදී පැවති තරගාවලියේ සිව්වැනි තරගයෙන් ඉන්දියාව පරදවා ලකුණු 58ක ජයක් හිමි කර ගැනීමට නවසීලන්ත ක්‍රීඩිකාවෝ සමත් වූහ.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත පිල කඩුලු 4ක් දැවී ලකුණු 160ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය ඉන්දීය පිලට ඕවර 19කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 102ක් පමණි.
නායිකා හර්මන්ප්‍රීට් කෞර් ලකුණු 15ක් රැස් කරමින් ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ අතර, කිසිදු පිතිකරු යුගලයකට සාර්ථක සබඳතාවක් ගොඩනැඟීමට නවසීලන්ත පන්දු යවන්නියන්ගෙන් අවස්ථාවක් නොලැබිණි.
ඊඩන් කාර්සන් ලකුණු 28ක් තුළ ආරම්භක පිතිකරු යුගලය යළි ක්‍රීඩාගාරයට හරයා යැවූවාය. ලී ටහුහු ඉන්දීය මැද පෙළ බිඳ දැමූ අතර, ඇයට අනගි සහායක් දෙමින් පසු පෙළ බිඳ දැමීමට රෝස්මරී මේයර් සමත් වූවාය.
පන්දු යැවීමේදී රෝස්මරී කඩුලු 4ක්, ටුහුහු කඩුලු 3ක් සහ කාර්සන් කඩුලු 2ක් දවා ගත්හ.
ජෝර්ජියා ප්ලිමර් සහ සුසී බේට්ස් ලකුණු 67ක් එක් කරමින් පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත ඉනිමේ පළමු කඩුල්ලට සාර්ථක ආරම්භයක් දුන් අතර, ප්ලිමර් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟ පන්දු 23කින් ලකුණු 34ක් සහ බේට්ස් ලකුණු 27ක් රැස් කළහ. කඩුලු 2ක් බිඳ වැටීමෙන් පසු පිටියට පිවිසි නායිකා සොෆී ඩිවින් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් ඉනිම ලකුණු 160 සීමාවට රැගෙන ගියාය. හතරේ පහර 7ක් සමඟ වේගවත් ලකුණු 57ක් රැස් කිරීමට ඇය වැය කළේ පන්දු 36ක් පමණි. පන්දු යැවීමේදී රේණුකා සිං කඩුලු 2ක් දවා ගත්තාය.
නවසීලන්ත කාන්තා පිල – 160/4 (ඕවර 20) සොෆී ඩිවින් නොදැවී 57, ජෝර්ජියා ප්ලිමර් 34, සුසී බේට්ස් 27 (රේණුකා සිං 27/2)
ඉන්දීය කාන්තා පිල – 102 (ඕවර 19) හර්මන්ප්‍රීට් කෞර් 15 (රෝස්මරී මේයර් 19/4, ලී ටහුහු 15/3, ඊඩන් කාර්සන් 34/2)
@දිනමිණ